Initial Status

බොහෝ කාලයක් තිස්සේ හිතේ තිබුණු ආසාවක් මල් ඵල ගන්වමින්. මෝරිස් මයිනර් 1000 වර්ගයේ කාරයක් 2018 පෙබරවාරි මාසයේදී මිල දී ගැනීමට හැකිවුනා. එය නිෂ්පාදනය කර තිබෙන්නේ වර්ශ 1958 දී එංගලන්නයේ දීය. එබැවින් දැනට ම වයස අවුරුදු 60 කි. ප්ලග් වයර් සුද්ද කර, ටැංකියට පෙට්ට්‍රල් පුරවා, අමතර බැටරියක් සොයාගෙන කාරය ස්ටාර්ට් කරගත්තා. කාරය 120km කට වැඩි දුරක් පදවා ගෙන නිවසට ආ අතර, අතරමග දී ටයර් පැච් එකක් සහ ෆැන් බෙල්ට් එක අළුතින් දැමීමට සිදුවුනා. එක් එක් ප්‍රදේශ දිරාගොස් ඇති ආකාරය මෙහි දැක්වෙයි. වාහනය ඉක්මනින් ම restore කිරීමටයි අදහස.

Initial Status - Front Initial Status - Back
මුල් තත්ත්වය - ඉදිරි පස හා පසු පස පෙනුම

Shutter frame Back door - bottom right
දොර වීදුරු අතර හා දොරේ පහල කොටස දිරා ගොස් ඇති අයුරු

Back windshield biding Between front & back doors - right side
පසු පස වීදුරුවේ බීඩිම හා දොරේ කනුව පහල කොටස දිරා ගොස් ඇති අයුරු

Back corner - left Leaf spring shackle
පිටුපස මුල්ල වම. දුනු සවිවන ස්ථානය

No comments:

Post a Comment